Sunday, November 21, 2010

මල් වැස්සට පසු......


වැස්සක් එනතරු බලා සිටියදී...
දුටුවෙමි වැසි ලකුණක්...
සෙමෙන් සෙමෙන් එය ....
මාවෙත එනු දැක.....
ඉපිලුනි එද සතුටින්...

සිහින් පොදක් ලෙස...
හද මලට වැසි දිය වැටෙනා...
වියැලුනු සිතිවිලි ඒ වැසි දියරෙන්..
සැනසෙන්නට සිතනා...

එනමුදු කව්රුත් නොසිතූ මොහොතක..
යන්තම් පිණිපොද ගැටුනද පලනැත..
නැවතත් නියඟය ඇවිදින් වාගේ...
මල් වැස්සට ඇයි මොකද උනේ..

ආයෙත් දවසක...
ඈතින් ඈතින්...
වැස්සක් සමගින්..
සුළඟක් කවදාදෝ එන්නේ...