Thursday, November 17, 2011

සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...


තනිව ආ ගමන් මග පැරණි සලකුණු බලා...
සුසුම් ලන අතීතයෙ කඳුලු යලි සිහිවෙලා...
පාළුවෙන් සිටිය දින මතක ඉවතට හලා...
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...

හදවතම පිරී ඇත මගේ ආදරය පුරවලා...
සිනා පිරි ඔබෙ මුවින් ආදරය විමසලා...
දිවිගමන ගෙවන්නට ඔබ සමග එක්වෙලා..
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...

රැය පුරා එළිය දෙන සඳ කුමරි දෙස බලා...
සිත පුරා දඟ කරන ඔබේ සුරතල් බලා...
රැය ගෙවි නව දිනට එලිවෙන හිරු බලා..
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...

ආදරය රැගෙන මගේ ලෝකය බලා...
පිය මැන්න මුල් දිනේ හිතේ මලෙ ලියවිලා...
යලි යලිත් ඒ ගැනම ඔබෙ සිතට මුමුණලා...
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...