Tuesday, December 13, 2011

හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...


සීත රෑ හද පෙලන පාළු බව ඉවත ලා...
සිහිනයෙන් ඔබ ඇවිත් මා සිතට ලංවෙලා...
ආදරේ සොඳුරු බස මට සෙමෙන් පවසලා...
හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...


තරු මිණි දෙනෙත් ඔබ මා දෙසට යොමු කලා...
සිහින් සිනාවෙන් ඔබේ මා සිතම සනසලා...
සවන් පත් සනසනා මුදු වදන් මට හෙලා...
හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...

අඳුරු සිත පෙලන දුක් ගින්න ඉවත ලා...
ඔබේ මුදු ආදරෙන් මා සිතම මත් වෙලා...
සිත් පුරා විඳිමි මා ආදරෙන් ලං වෙලා..
හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...

දිවි ගමනේ වෙහෙස ඔබ නිසා නැති වෙලා...
සතුටු සිනා සලමින් අප තවත් ලං වෙලා...
දිවි ගමන පුරාවට හිඳිමු අපි ලං වෙලා...
හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...