Friday, October 29, 2010

ආදරණිය ලැසියේ.....


අව්වට දැවෙමින්....
වැස්සට තෙමෙමින්.....
සිසිල් සුළ‍‍ඟේ පහසින් සැනසෙමින්...
යන දිවි ගමනේ.....

සුරතල් වදන් ඇසූ හඬින්ම...
දිනක රළු වදන් ඇසුනද...
ආදරෙයි කියු මුවෙන්ම....
දිනෙක එපා යැයි කී අය ඇති ලොකයේ...

ඒ කිසවකුත් නොදැකමදෝ...
නැතිනම් සියල්ල වටහාගෙනදෝ...
සැමදාම ගෙදරට ගොඩවන විට...
සුපුරුදු ලෙසින්ම....

වල්ගය වනමින්...
ඇඟට පනිමින්.....
දෙපා ලෙව කමින්
සැමදා සුපුරුදු ආදරය දැක්වූ...

ආදරණිය ලැසී කෙල්ලේ...
මිනිසුන් ළඟ නැති ආදරයක්...
අපට ලබාදෙමින්.....
කෙටි කලකින්ම අපහැර ගියත්...
අපට ඔබ සැමදා අමතක නොවේ...


Monday, October 4, 2010

ගමනට වාරුවක් නැතිද......?

Petrol නැතිව අමාරුවෙන්.....
Neutral ගසමින්.....
හෙමින් හෙමින් ......
තල්ලු කරමින්......
මගේ ගමන මම යද්දි.........
ඔබ ඇවිත් මට......
Full tank ගහල දුන්නම....
මම හිතුවේ මුළු ගමනම......
යන්න ඇතිවෙයි කියල....

එත් කව්ද හිතුවේ...
ටැංකිය පිටින්ම ......
ගලවන් අරන් යයි කියල.....