
අව්වට දැවෙමින්....
වැස්සට තෙමෙමින්.....
සිසිල් සුළඟේ පහසින් සැනසෙමින්...
යන දිවි ගමනේ.....
සුරතල් වදන් ඇසූ හඬින්ම...
දිනක රළු වදන් ඇසුනද...
ආදරෙයි කියු මුවෙන්ම....
දිනෙක එපා යැයි කී අය ඇති ලොකයේ...
ඒ කිසවකුත් නොදැකමදෝ...
නැතිනම් සියල්ල වටහාගෙනදෝ...
සැමදාම ගෙදරට ගොඩවන විට...
සුපුරුදු ලෙසින්ම....
වල්ගය වනමින්...
ඇඟට පනිමින්.....
දෙපා ලෙව කමින්
සැමදා සුපුරුදු ආදරය දැක්වූ...
ආදරණිය ලැසී කෙල්ලේ...
මිනිසුන් ළඟ නැති ආදරයක්...
අපට ලබාදෙමින්.....
කෙටි කලකින්ම අපහැර ගියත්...
අපට ඔබ සැමදා අමතක නොවේ...