Tuesday, December 14, 2010

සඳ කුමරියනේ..........


ළා දළු මතින්...
දහසක් කිරණ සලමින්..
ලොවම නහවමින්..
ලොවේ ගණඳුර මකමින්..

සිත් සතන් සනසන..
සැමට එක ලෙස සලකන...
තරුකැලට රැජින වුන..
යලිත් දිනයක නැග එන..

සඳ කුමරියේ ඔබ එළියෙන්...
සැන සුන නෙතින් බලමින්..
හදට සුව ගෙන දෙන්..
එතෙක් සිටිනෙමි අහස බලමින්..

4 comments:

  1. කාලෙකට නැති සඳ කුමාරිට වඩා
    එළිය අඩු උනත් හැමදාම ඉන්න තරු හොඳ නැද්ද?

    ReplyDelete
  2. හැමදාම දකිනකොට අගයක් නෑ කියනවනේ....
    මිදුලේ රෑ යාමේ ඇවිදින වෙලේ සඳ දැක ඇතිවූ සිතිවිල්ලක් හරි.
    එහෙමම පද පෙලකට ගත්තා....

    ReplyDelete
  3. හ්ම්ම්...හරිම ලස්සනයි. අනේ 'පිනි පලස' එයා සඳ කුමාරිට කවි ලියාපුවාවේ. පව්නේ.

    ReplyDelete
  4. හිමගිරි අතර හිඳිමින්..
    ඉසිඹුවක් ලද විගසින්...
    පැමිණි ඔබ මෙලෙසින්..
    කුමරි පිළිගමි සෙනෙහසින්...

    ReplyDelete