Tuesday, February 28, 2012

හඬන්නේ කුමකටද


පාළුවෙන් සිටි කාලේ හිස් අහස දෙස බලා...
වලාකුලු නොමැති හිස් බවට ලොල් වෙලා...
රෑට තරු දිලෙන මුත් මද එලිය පතුරලා..
සඳවතිය කිසි දිනෙක නෑ මෙමට හිනැහිලා...

හිරු පැමිණ උදෑසන එළිය දී බැස යනව...
මල් පිපී හිනැහෙනවා සුවඳ නැහැයට එනව..
පෝය දා සඳ රැසින් මුළුලොවම නැහැවෙනව..
දකින මුත් නෑ නොදැනීම දවස ගෙවිලා යනව...

අහස දෙස බලා සිට වෙහස වූ නෙත් වලට...
ඈත තරුවක එළිය පෙනෙන්නට වූ කලට...
හීනයක් දෝ කියා සිතුන කල තුන් සිතට...
තරු එළිය වැදෙනවා ටිකින් ටික හදවතට...

අහස් කුස පුරාවට සුදු සේල අතුරලා...
සමන් මල් සුවඳ විත් හදවතම සනසලා...
සිසිල් බව නසන උණුසුමක් ලංවෙලා...
හඬන්නේ කුමකටද මුළු ලොවම මගෙවෙලා...

15 comments:

  1. මේ මේ ප්‍රියායියේ ඕවටනම් එන්න එපා ඕං!
    මුළු කෝකෙම ඔයාගෙ කරගන්න මම කොහොමටවත් ඉඩ තියන්නේ නෑ. මගේ ලෝකේ මට දෙන්න :D

    ReplyDelete
    Replies
    1. ඔහේගෙනම් ඔහේ ගන්න හොඳ නැහැ නෙව දොස් කියන්න....:D
      ස්තූතියි පූස්...:D

      Delete
  2. ඔය ලෝකේ අපිත් කොණක ඇති නේද එහෙනම් ?

    ReplyDelete
    Replies
    1. කොණක???
      ඇයි කොනකට යන්න හිතුවේ?...:D

      Delete
  3. කුළුඳුල් ආදරයක  නොඉඳුල් අදහස්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නේද පේන්නේ.
      නිර්මාණයක් විතරක් වෙන්නත් පුළුවන් නේද..:D

      Delete
  4. ෂා... මරුනේ.. ලස්සන අදහසක්.. මුලදී මුලදී දුකයි පස්සෙ සතුටුයි...
    //සමන් මල් සුවඳ විත් හදවතම සනසලා...//
    ඇත්තටම සමන් පිච්ච මලේ තියෙන්නෙ සෞම්‍ය සුවඳක් නේද? මාත් හරි ආසයි ඒ සුවඳ විඳින්න..

    ReplyDelete
    Replies
    1. ඔව්. කන්දක් ගියොත් පල්ලමකුත් එනවාමලු. ඒ වගේ මුල දුකනම් පස්සේ සතුටක් තියෙන්න ඕනි නේද?
      අපි ලස්සන එක්ක කතා කරන්නේ රෝස මල. ඒත් කටු කියනවා. අනික මට නම් රෝස සුවඳ නෑ. සමන්පිච්ච මල හරිම පියකරුයි. හරි චාම්, ඒ වගේම සුවඳයි.
      ස්තූතියි.

      Delete
  5. කාලෙකට පස්සෙ නේද කවි ලියන්න මතක් වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ ලස්සන කවියක් කියෙව්වා.

      Delete
    2. @ හරී
      ඔව් කාලෙකින් කීවේ. හදිසියේ හිතට ආව සංකල්පනාවක්. වහාම ටයිප් කර පලකලා...:D
      ස්තූතියි හරී..

      Delete
    3. @ mandaramvassa
      ඔව්. වැඩිපුරම කවි ලියවෙන්නේ මූණු පොතේ බිත්තියේ. ඒකයි මේ පැත්තේ ලියවෙනවා අඩු.
      ස්තූතියි මේ පැත්තට ආවාට...::D

      Delete
  6. "මියුරු කල්පනා" මට හමුවුනේ පළමු වතාවට වගේ..

    කවියක් ගිතයක් කියවන විට හිතට දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ. මගේ නිර්මාණ ලෝකය පිරෙන්නෙ , කවියෙන් සහ ගිතයෙන් ඒ නිසා කවියක් දුටු තැන කියවලා යන එකත් පුරුද්දක්. ඒවා අමාරුවෙන් වත් අත්හරින්න බැරි දේවල්.

    කවියට වගේම ගීයටත් "රාත්‍රිය" එකතු කරන්නෙ පුදුම ආලෝකයක් වගේමරසයක් මේ කවිය පුරාමත් රාත්‍රියේ සොදුරුම තැන් කවියෙන් වර්ණ ගන්වලා ඔව් ඒ කවියේ විසුරුවන රාත්‍රිය මගේ බව ඉක්මවලා අපේම වෙනවා ඒනිසා. අපේම තමයි.

    ReplyDelete
  7. ඔන්න එහෙනං අපිත් රස වින්දා


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

    ReplyDelete