Friday, January 7, 2011

සිත්තම් කරමින් ......



සිතේ ඔබේ රූපය මවා ගනිමින්, සිතින් ඔබේ හඩ අසමින් කවදා හො යළි දැකගන්නට බලා හිඳිමි. ඔබට කෙසේ වුවද මගේ මුළු ලොකයම ඔබ නිසාවෙන් ඔබට වැඩි දුකක් මට දැනෙනවා ඇති. මේ භවයේදී හමු වන්න බැරි වුවත් මතු භවයක හමුවන්න පැතුම් පුරමුද?
එතෙක් විඳින්න දුන් ජීවිතය විඳවමින් මම බලා සිටින්නම්...
වසර කීපයකට පෙර මගේ සිංදු එකතුවට එක් වුවත් මෙය අහන්න නම් අවස්ථාවක් ලැබුනේ නෑ. හදිස්සියේ වෙනත් සිංදුවක් සොයානා විට මෙය අහම්බෙන් හමුවුනේ. කීප වතාවක් රේඩියෝවෙන් අසා තිබුනත් තනිවම කාමරයට වැදී හෙඩ් ෆෝන් එකෙන් අසනා විට සිතට දැනුන අදහස් කෙසේ විසතර කරම්ද?
අපි කී දෙනෙක් විඳින්න ගෙන ආ ජීවිතය විඳවනවාද..
අසා බලන්න එය දයාන් කියන්නේ කොහොමද කියා...

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන්
විඳවන්නද මේ භවය පුරා

දෙලොවක් අතරේ සරණ ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව ඇතී
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී
විඳින්න දුන් ජීවිතය අරන්
විඳවන්නද මේ භවය පුරා

භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන්
විඳවන්නද මේ භවය පුරා..
ගායනය දයාන් විතාරණ.
සිංදුව අහමුද..

7 comments:

  1. කවුරු ගැනද මේ කියන්නේ කියලා අහන්න පුලුවන්ද?

    ReplyDelete
  2. @ ලොකුම කට
    හිකිස්....:D

    ReplyDelete
  3. ප්‍රවීනා
    කෙනෙක් ගැන. කාටවත්ම පෙනෙන්නේ නැති.

    ReplyDelete
  4. විඳීම සහ විඳවීම අතර වෙනස එක් අකුරක් පමණකි,
    විඳවීම අපේ උරුමය වේනම් විඳවනු මිස නැත අන් සරණකි,

    ReplyDelete
  5. වෙනස අකුරක් උනාට රවි අයියේ ඒ අකුරේ දිග පළල කොතරම්ද?

    ReplyDelete
  6. ඈඬෙන සිංදුවක් බං අයියේ...

    ReplyDelete