Wednesday, April 6, 2011

සඳට තනි නැත....

අළුයම අහසෙ මඳ එළියක් පැතිරෙනවා..
පමා වෙලා සඳ කුමරිය නැග එනවා...
ලා සඳ සඳ එළිය දස දෙස පැතිරෙනවා...
සඳ කුමරිය තනියම අහසට එනවා...

හිරු කුමරුන් ළඟ එන බව පවසන්න...
අහසේ යන්තමින් එළියක් එයි අන්න...
ඒ එළියට පැතිරෙන්නට ඉඩ දෙන්න...
තරු කුමරියන් සැඟවී ඇත නොපෙනෙන්න...

සඳුට බැහැ දෙන්න ඉඩ අහසේ තනි වෙන්න...
හිරු කුමරුන් වඩිනතෙක් අහසට බෑ ඉවසන්න..
සඳුගෙ තනිය මකා දමන්නට ඔන්න...
පහන් තරුව ඇත සඳුගේ අසලින්ම...

සඳුට තනි රකියි තරුවත් පෙරදිග අහසේ...
අඳුර නැසෙයි හිරුපිබිදී සිත් සතොසේ...
හදවත් පිබිදිලා සතුටින් අද දවසේ...
ඊයේ වගේමයි මගෙ ලෝකය අද දවසේ...

9 comments:

  1. ලස්සන කවි පෙලක්. හැබැයි තේරුම් ගන්න හිමින් සැරේ දෙතුන් පාරක් කියවන්න ඕනි. මගේ කවි ටිකක් හොරයිනේ. මේ කියන්නේ හිරු එනකල් සඳගේ තනියට පහන් තරුව ඉන්න බවද? මෙහෙම ප්‍රශ්නයකුත් තියනවනේ. එතකොට හිරු පායපුවාම තරුවට මොකද වෙන්නේ? ඒකේ එලිය අර ඉර හන්දා වැහිලා යනවාද?

    ReplyDelete
  2. සඳට ඉර නොපෙනෙතැයි
    මහපොළොවේ අපි සිතුමුත්
    සඳත් පහන් තරුවත්
    පෙනෙන්නේ ඉර එලියෙනි

    ReplyDelete
  3. මටත් ඇතිවුන ප්‍රශ්නෙ තමා.. හිරු ආවම පහන් තරුවට වෙන්නෙ මොකක්ද..? ඇත්ත නම්... එච්චර වෙලා බලා ඉඳුමෙන් සඳුට සැපතක් වෙන්නෙත් නෑ..

    ReplyDelete
  4. අහ්.. කියන්න බැරිවුනානේ.. නිසඳැස නම් හරිම ලස්සනයි..^_^

    ReplyDelete
  5. ප්‍රවීනා
    හිරු එළියට තරුව නොපෙනී යනවා තමයි. ඒත් තරුව නැති වෙන්නේ නෑ. ආයෙත් පසුදා උදේම ඔය තරුව දිලිසෙනවා. කවදහරි හරු නැති උනොත් එදාට ඔය තරුව දවසම පෙනෙයි.

    ReplyDelete
  6. @ Lankapriya
    ස්තූතියි මේ පැත්තට ආවට. ඒච්චර ගැඹුරෙන් හිතන්න එපා. සරලව කියවන්න. කවියයි විද්‍යාවයි එකට ගන්න එපා.

    ReplyDelete
  7. @ ප්‍රාර්ථනා
    හොඳට බැලුවොත් ඔය පහන්තරුව දවාලටත් පේනවා. ඉර එළය හින්දා නොපෙනෙනවා කීවට හරියටම තියන තැන හොයන් බැලුවොත් යන්තමට පෙනවා. එයා හැමදාම ඉන්නවා නැති වෙන්නේ නෑ...

    ReplyDelete
  8. සරලව ලස්සනට ලියලා තියනවා..........

    ReplyDelete
  9. සරලයි. ලස්සනයි තමයි.
    '' හැම රෑක ඔය තරුව
    සඳට තනි රැක්කා..
    සඳ නාව අමාවක රැය පූරා
    අඬ අඬා සිටිනු මම දැක්කා..''

    ReplyDelete