Friday, June 24, 2011

සඳ කුමරිය දුර වැඩියි....


ඇය සුන්දරයි...
ඇය අහිංසකයි...
ඇය සෞම්‍යයයි...
ඇය ආදරණීයයි...

ඒහෙත් ඇය මාවෙත නොඑන බව දනිමි...
මා ඈවෙත යන්නට ඇති මගද නොදනිමි...
එහෙත් මා ඇයට ආදරේ කරමි....
දිවි ඇති තෙක්ම හද පත්ලෙන්ම...
නොමියෙන සෙනෙහසක් සමගින් ...

12 comments:

  1. මේක නම් කියන්නෙ සඳ කුමරිට වෙන්න බෑ. කාලෙකින් නේද මෙහෙමවත් කවියක් ලියන්න මතක් උනේ.

    ReplyDelete
  2. ඇඟිලි ගනිමින් දින සතී

    ලියන කවි දැක දුක හිතී

    ලඟදි එනු ඇති සඳවතී

    එවිට නුඹටත් තනි නැතී

    ReplyDelete
  3. @ හරී
    කාලෙකට කලින් ලීව එකක්. අහම්බෙන් ලැබිල මේකට දාලත් ටික කලක් දන්නෙම නැතිව ඊයේ සවස 7ට ඔටෝ පබ්ලිෂ් වෙලානේ..:D

    ReplyDelete
  4. @ Bindi
    ආවොතින් ඇය තුටු වෙමී...
    සතුටු කඳුළුත් වගුරමි...
    මගේ සිත මම පවසමී...
    සඳ එලියේ ඈ හා ඇවිදිමී...

    ReplyDelete
  5. මම දැනුයි මේක දැක්කේ...ලස්සනම ලස්සන කවි ටිකක් ප්‍රියන්ත. හරියට දුක හිතෙනවා. ඔයාගේ හිතේ ඔය සඳවතී ගැන තියෙන්නේ හැබෑ ආදරයක්...

    ඔයා ඇත්තටම ඕක ලීවේ සඳවතී දිහා බලාගනද?......

    ReplyDelete
  6. ලස්සනයි.
    කො‍ටුවෙ ගිය ඉබ්බාවගේ අයින හපගෙන ඉන්න, සෑර්. කව්ද දන්නෙ කවදා හරි ඒවිද කියලා?
    මං නං කියන්නෙ මේක ලියන්න ඇත්තෙ මොනිටරේ දිහා බලාගෙන. හා, මං කියන්නෙ බොරුද?

    ReplyDelete
  7. @ පන්සල් හංදිය
    ඔව් ඒක තමා සැබෑ ආදරේ කියන්නේ. ලබා ගන්නම නෙවේ ආදරේ කරන්නේ.

    ReplyDelete
  8. @ පොඩ්ඩි
    ඇත්තටම ඕක හිතට ආවේ නම් කලින් දවසක සඳ දිහා බලන් ඉන්න වෙලාවක තමා. ඒක මම ලීවේ එදාමයි. වෙන තැනක තිබූ එකක් මම මේ ගෙනත් මෙහෙ දාල ගියේ ටික දවසකට කලින්. මටත් මතක තිබුනේ නෑ මෙය කවදා පබ්ලිශ් වෙනවද කියා.
    ඔව් මම සඳට ආදරෙයි. හැමදාම.

    ReplyDelete
  9. @ D.G.M බස්සා
    ඇත්තනේ බස්සා මොනිටරේ දිහා බලන් නේන්නම් ලියන්නේ..:D
    කවුද දන්නේ නේද කවද හරි ඒයිද කියල. ඇවිත් යන්න හරි.

    ReplyDelete
  10. ලොවේ එක පැත්තක්
    එලියකර යන ඔබේ සඳ
    ඔබ ඉරට ආවඩද්දී
    අනිත් පැත්තට එලියදෙයි..

    ReplyDelete