තනිව ආ ගමන් මග පැරණි සලකුණු බලා...
සුසුම් ලන අතීතයෙ කඳුලු යලි සිහිවෙලා...
පාළුවෙන් සිටිය දින මතක ඉවතට හලා...
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...
හදවතම පිරී ඇත මගේ ආදරය පුරවලා...
සිනා පිරි ඔබෙ මුවින් ආදරය විමසලා...
දිවිගමන ගෙවන්නට ඔබ සමග එක්වෙලා..
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...
රැය පුරා එළිය දෙන සඳ කුමරි දෙස බලා...
සිත පුරා දඟ කරන ඔබේ සුරතල් බලා...
රැය ගෙවි නව දිනට එලිවෙන හිරු බලා..
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...
ආදරය රැගෙන මගේ ලෝකය බලා...
පිය මැන්න මුල් දිනේ හිතේ මලෙ ලියවිලා...
යලි යලිත් ඒ ගැනම ඔබෙ සිතට මුමුණලා...
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...
ලස්සන කවි පද වැලක් ප්රියන්ත. හදවතේ තියන් දේවල්, ඇස්වලින් කියන්ට පුලුවන් බවයි මාත් අහලා තියෙන්නේ.
ReplyDeleteඅර හැම කවියෙම අන්තිම පේලිය හරිම ලස්සනයි.
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...:D
අහා... ආදර සිතුවිලි ගලනා හැඩයි දැන්...:)
ReplyDeleteලස්සනයි ඇත්තටම . කවරු ගැනද මේ කියල තියෙන්නෙ ඉතින් ?
ReplyDelete…දිගටම ලියන්න ....
ලස්සනයි....... :)
ReplyDeleteහෑ මේ මොකක්ද මේ බ්ලොග් එක
ReplyDeleteඑල නියම කවිටික ........:D
ReplyDeleteඒක නෙවෙන්නම් - මාත් දැක්කෙ දැන් - යසයි
ReplyDeleteඔය කවියේ අයිතිකාරි නේද මුලින්ම ඇවිත් තියෙන්නේ :D
ReplyDeleteඔහොම යං ඔහොම යං! :D
ReplyDeleteබට්ටි අහන දේ මටත් කම්පනා උනා නෙව.. එයා නේද? හික් හික්.. ලක්ෂණයි කවිය
ReplyDeleteදෙවැනි කවෙහි සුළු දොසක් හැර, මියුරු සඳැස් කවි පංතියක් බව කිව යුතුයි.. දිගටම ලියමු..
ReplyDelete@ පොඩ්ඩි
ReplyDeleteස්තූතියි වෙනදා වගේම උදෙන්ම් ඇවිත් කවි අගේ කලාට. සැබෑ ආදරවන්තයින්ට ඇස් වලින් කථා කරන් පුළුවන්ලු නේද. ඔය පින්තූරේ දැක්කමනම් මට හිතෙන්නේ දෙන්නා ඇස් වලින් කථා කරනවා කියලයි.
//සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...:D//
@ චමිදේවා
ReplyDeleteආදර සිතිවිලි කාගේ හිතේද නැත්තේ....:DDD
ස්තූතියි වමින්ද...:DDD
@ Gimhani
ReplyDeleteස්තූතියි මියුරු කල්පනාවට මුල් වරට ආවට.ඇත්තට කවුරු ගැනද...:DDD
@ හිම කුමාරි
ReplyDeleteස්තූතියි හිම කුමාරිටත් ඇවිත් කමෙන්ට් කරලම ගියාට...
@ ශානු...
ReplyDeleteමේකත් බ්ලොග් එකක්ලු. එහෙමයි කියන්නේ...:DDD
@ The Lion
ReplyDeleteස්තූතියි The Lion පළමු වරට මේ පැත්තේ ආවාට...
@ තිස්ස දොඩන්ගොඩ
ReplyDeleteඒකනේ අයියේ දැකපු නැති ගොඩක් අය ඉන්නවානේ. මාත් මේක ලියන්නේම නැතිවනේ තිබුනේ. හොඳයි ආයෙම දිගටම ලියන්නම්. ස්තූතියි අයියටත්...:D
@ බට්ටි
ReplyDeleteඇවිත් කමෙන්ට් කලාට ස්තූතියි. හිතේ ඇඳුන කෙනෙක් ගැනයි මේ ලීවේ...:DDD
@ පූසා
ReplyDeleteකොහේටද යන්නේ...:DDD
ස්තූතියි මල්ලි ප්රතිචාරයන්ට...:D
@ සුදු හංසි
ReplyDeleteමෙහෙම කියමුකෝ. මේක ලීවේ කාලෙක ඉඳන් හිතේ මැවිලා තියන රූපෙකට. මේ ඇස් ඉස්සරහා එයා ඉන්නවා කියලා හිතාගෙනයි..:DD
ස්තූතියි හංසිටත් මෙහේ ආවාට..:D
@ Chathura Wijekoon|චතුර විජේකෝන්
ReplyDeleteමම ආසම මේ වගේ ප්රතිචාරයන්ට. හරි ලස්සනයි, එල කියනවාට වඩා අඩු ලුහුඬුකම් පෙනවනවාට මම වඩා කැමතියි. මම කවි ලියන්න ආධුනිකයි. දෝශයත් පෙන්වා එය නිවැරදි කරන විධීය පෙන්වන්න හැකිනම් ගොඩක් වටිනවා එය මට. ස්තූතියි..:D
මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.
ReplyDelete