Thursday, November 17, 2011

සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...


තනිව ආ ගමන් මග පැරණි සලකුණු බලා...
සුසුම් ලන අතීතයෙ කඳුලු යලි සිහිවෙලා...
පාළුවෙන් සිටිය දින මතක ඉවතට හලා...
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...

හදවතම පිරී ඇත මගේ ආදරය පුරවලා...
සිනා පිරි ඔබෙ මුවින් ආදරය විමසලා...
දිවිගමන ගෙවන්නට ඔබ සමග එක්වෙලා..
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...

රැය පුරා එළිය දෙන සඳ කුමරි දෙස බලා...
සිත පුරා දඟ කරන ඔබේ සුරතල් බලා...
රැය ගෙවි නව දිනට එලිවෙන හිරු බලා..
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...

ආදරය රැගෙන මගේ ලෝකය බලා...
පිය මැන්න මුල් දිනේ හිතේ මලෙ ලියවිලා...
යලි යලිත් ඒ ගැනම ඔබෙ සිතට මුමුණලා...
සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...

23 comments:

  1. ලස්සන කවි පද වැලක් ප්‍රියන්ත. හදවතේ තියන් දේවල්, ඇස්වලින් කියන්ට පුලුවන් බවයි මාත් අහලා තියෙන්නේ.

    අර හැම කවියෙම අන්තිම පේලිය හරිම ලස්සනයි.
    සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...:D

    ReplyDelete
  2. අහා... ආදර සිතුවිලි ගලනා හැඩයි දැන්...:)

    ReplyDelete
  3. ලස්සනයි ඇත්තටම . කවරු ගැනද මේ කියල තියෙන්නෙ ඉතින් ?
    …දිගටම ලියන්න ....

    ReplyDelete
  4. ලස්සනයි....... :)

    ReplyDelete
  5. හෑ මේ මොකක්ද මේ බ්ලොග් එක

    ReplyDelete
  6. එල නියම කවිටික ........:D

    ReplyDelete
  7. ඒක නෙවෙන්නම් - මාත් දැක්කෙ දැන් - යසයි

    ReplyDelete
  8. ඔය කවියේ අයිතිකාරි නේද මුලින්ම ඇවිත් තියෙන්නේ :D

    ReplyDelete
  9. ඔහොම යං ඔහොම යං! :D

    ReplyDelete
  10. බට්ටි අහන දේ මටත් කම්පනා උනා නෙව.. එයා නේද? හික් හික්.. ලක්ෂණයි කවිය

    ReplyDelete
  11. දෙවැනි කවෙහි සුළු දොසක් හැර, මියුරු සඳැස් කවි පංතියක් බව කිව යුතුයි.. දිගටම ලියමු..

    ReplyDelete
  12. @ පොඩ්ඩි
    ස්තූතියි වෙනදා වගේම උදෙන්ම් ඇවිත් කවි අගේ කලාට. සැබෑ ආදරවන්තයින්ට ඇස් වලින් කථා කරන් පුළුවන්ලු නේද. ඔය පින්තූරේ දැක්කමනම් මට හිතෙන්නේ දෙන්නා ඇස් වලින් කථා කරනවා කියලයි.
    //සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...:D//

    ReplyDelete
  13. @ චමිදේවා
    ආදර සිතිවිලි කාගේ හිතේද නැත්තේ....:DDD
    ස්තූතියි වමින්ද...:DDD

    ReplyDelete
  14. @ Gimhani
    ස්තූතියි මියුරු කල්පනාවට මුල් වරට ආවට.ඇත්තට කවුරු ගැනද...:DDD

    ReplyDelete
  15. @ හිම කුමාරි
    ස්තූතියි හිම කුමාරිටත් ඇවිත් කමෙන්ට් කරලම ගියාට...

    ReplyDelete
  16. @ ශානු...
    මේකත් බ්ලොග් එකක්ලු. එහෙමයි කියන්නේ...:DDD

    ReplyDelete
  17. @ The Lion
    ස්තූතියි The Lion පළමු වරට මේ පැත්තේ ආවාට...

    ReplyDelete
  18. @ තිස්ස දොඩන්ගොඩ
    ඒකනේ අයියේ දැකපු නැති ගොඩක් අය ඉන්නවානේ. මාත් මේක ලියන්නේම නැතිවනේ තිබුනේ. හොඳයි ආයෙම දිගටම ලියන්නම්. ස්තූතියි අයියටත්...:D

    ReplyDelete
  19. @ බට්ටි
    ඇවිත් කමෙන්ට් කලාට ස්තූතියි. හිතේ ඇඳුන කෙනෙක් ගැනයි මේ ලීවේ...:DDD

    ReplyDelete
  20. @ පූසා
    කොහේටද යන්නේ...:DDD
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයන්ට...:D

    ReplyDelete
  21. @ සුදු හංසි
    මෙහෙම කියමුකෝ. මේක ලීවේ කාලෙක ඉඳන් හිතේ මැවිලා තියන රූපෙකට. මේ ඇස් ඉස්සරහා එයා ඉන්නවා කියලා හිතාගෙනයි..:DD
    ස්තූතියි හංසිටත් මෙහේ ආවාට..:D

    ReplyDelete
  22. @ Chathura Wijekoon|චතුර විජේකෝන්
    මම ආසම මේ වගේ ප්‍රතිචාරයන්ට. හරි ලස්සනයි, එල කියනවාට වඩා අඩු ලුහුඬුකම් පෙනවනවාට මම වඩා කැමතියි. මම කවි ලියන්න ආධුනිකයි. දෝශයත් පෙන්වා එය නිවැරදි කරන විධීය පෙන්වන්න හැකිනම් ගොඩක් වටිනවා එය මට. ස්තූතියි..:D

    ReplyDelete
  23. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete