පාළුවෙන් සිටි කාලේ හිස් අහස දෙස බලා...
වලාකුලු නොමැති හිස් බවට ලොල් වෙලා...
රෑට තරු දිලෙන මුත් මද එලිය පතුරලා..
සඳවතිය කිසි දිනෙක නෑ මෙමට හිනැහිලා...
හිරු පැමිණ උදෑසන එළිය දී බැස යනව...
මල් පිපී හිනැහෙනවා සුවඳ නැහැයට එනව..
පෝය දා සඳ රැසින් මුළුලොවම නැහැවෙනව..
දකින මුත් නෑ නොදැනීම දවස ගෙවිලා යනව...
අහස දෙස බලා සිට වෙහස වූ නෙත් වලට...
ඈත තරුවක එළිය පෙනෙන්නට වූ කලට...
හීනයක් දෝ කියා සිතුන කල තුන් සිතට...
තරු එළිය වැදෙනවා ටිකින් ටික හදවතට...
අහස් කුස පුරාවට සුදු සේල අතුරලා...
සමන් මල් සුවඳ විත් හදවතම සනසලා...
සිසිල් බව නසන උණුසුමක් ලංවෙලා...
හඬන්නේ කුමකටද මුළු ලොවම මගෙවෙලා...