වැස්සක් එනතරු බලා සිටියදී...
දුටුවෙමි වැසි ලකුණක්...
සෙමෙන් සෙමෙන් එය ....
මාවෙත එනු දැක.....
ඉපිලුනි එද සතුටින්...
සිහින් පොදක් ලෙස...
හද මලට වැසි දිය වැටෙනා...
වියැලුනු සිතිවිලි ඒ වැසි දියරෙන්..
සැනසෙන්නට සිතනා...
එනමුදු කව්රුත් නොසිතූ මොහොතක..
යන්තම් පිණිපොද ගැටුනද පලනැත..
නැවතත් නියඟය ඇවිදින් වාගේ...
මල් වැස්සට ඇයි මොකද උනේ..
ආයෙත් දවසක...
ඈතින් ඈතින්...
වැස්සක් සමගින්..
සුළඟක් කවදාදෝ එන්නේ...
ප්‍රියන්ත,
ReplyDeleteලොකූ ප්‍රශ්නයක් අහන්න තියනවා. ගේ ඇතුලේ ඉඳලද පින්තූරේ ගත්තේ? බයවෙන්න එපා, ඔයා ගහගන යන්නම වැස්සක් එයි ලඟදීම. ලස්සන කවි ටික. අර ප්ලේටෝගේ කතාව මට නිකමට වගේ හිතට එනවා මේ වෙලාවේ. හ්ම්...බලාගෙන පරිස්සමින්!
ඔබ සිත සතපන්නට සතුටින්
ReplyDeleteමල් වැස්සක් එනු ඇත විගසින්,,,,,
අනේ ප්‍රියන්ත බය වෙන්න එපා ලඟදිම ලස්සන මල් වැස්සක් වහීවි......
ReplyDelete@ Podi Kumarihami
ReplyDeleteඅනේ මේක මං ගත්ත පින්තූරයක් නෙවේ. ඉතින් උත්තරේ දන්නේ ගත්ත කෙනාම තමා. ලඟදිම වැස්සක් එයිද? කොහොමද ඉතින් ඒක හරියට කියන්නේ?
මාත් එහෙම හිතන් ඉන්නවා.
පොඩි කුමාරිට ස්තූතියි උදේම මේ පැත්තේ ආවට.
@ හරී - පිණිපළස
ReplyDeleteවැස්සක් එයිද කියා තමා බලන් ඉන්නේ.
ස්තූතියි හරි ප්‍රතිචාරයට.
@ neetha
ReplyDeleteකට්ටියම කියන නිසා කුඩයක් එහෙම අරන් තියාගන්න වෙයි නේද?
කවි ටික නම් මල් හතයි අය්යේ! මෙච්චර වැහැලත්, ඔය පැත්තට පොදක්වත් ගහපු නැති එකනේ පුදුමේ...
ReplyDelete@ Samanalee
ReplyDeleteඒකනේ කියන්න නගේ.
ස්තූතියි ඇවිත් ගියාට...