Tuesday, December 13, 2011

හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...


සීත රෑ හද පෙලන පාළු බව ඉවත ලා...
සිහිනයෙන් ඔබ ඇවිත් මා සිතට ලංවෙලා...
ආදරේ සොඳුරු බස මට සෙමෙන් පවසලා...
හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...


තරු මිණි දෙනෙත් ඔබ මා දෙසට යොමු කලා...
සිහින් සිනාවෙන් ඔබේ මා සිතම සනසලා...
සවන් පත් සනසනා මුදු වදන් මට හෙලා...
හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...

අඳුරු සිත පෙලන දුක් ගින්න ඉවත ලා...
ඔබේ මුදු ආදරෙන් මා සිතම මත් වෙලා...
සිත් පුරා විඳිමි මා ආදරෙන් ලං වෙලා..
හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...

දිවි ගමනේ වෙහෙස ඔබ නිසා නැති වෙලා...
සතුටු සිනා සලමින් අප තවත් ලං වෙලා...
දිවි ගමන පුරාවට හිඳිමු අපි ලං වෙලා...
හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...

16 comments:

  1. ලස්සනම, ලස්සන කවි පෙලක් ප්‍රියන්ත. ආයම, ආයම කියවන්ට හිතෙනවා. කවුරු උනත්, ඒ ගෑනු ලමයා නම් වාසනාවන්ත කෙනෙක් නේ....:D:D:D

    ReplyDelete
  2. මං නම් මුකුත් කියන්නෑ :D

    ReplyDelete
  3. සෑහෙන ලස්සනයි... ලංවෙලා වැඩියි වගේ.... ඒ කිව්වේ ඒ වචනය යෙදිලා තියෙනවා වැඩියි වගේ.. ඒ වෙනුවට වෙනත් වචන පෙලක් දැම්මනම් වඩාත් ලස්සනයි...

    ReplyDelete
  4. @මාතලන්,

    හපොයි පුලුවන් තරම් ලංවෙන එක කොච්චර දෙයක්ද? :D

    ReplyDelete
  5. .
    සිතේ ඇති සොඳුරුබව කවි වලින් දිස්වෙලා
    හද පෙලන පාලුවත් ඇය නිසා නැතිවෙලා
    මුදු සිතක සුමුදුබව ඉඟියකින් පවසලා
    කුමරියේ ඔබ ඉන්න ඔහුට සවියක් වෙලා

    ReplyDelete
  6. ලස්සන කවි ටිකක්

    දැන් ප්‍රියා මේ කවි කිව්වෙ කාටද?:D:D:D

    ReplyDelete
  7. ලස්සනයි...! :D :D

    ReplyDelete
  8. @ පොඩ්ඩි...
    ඔව් නේද හරිම වාසනාවන්ත කෙනෙක් වෙන්න ඇති...
    ස්තූතියි මුලින්ම ඇවිත් කමෙන්ට් කලාට පොඩ්ඩිට....:D

    ReplyDelete
  9. @ පූසා
    මුකුත් නොකියන තරමට හොඳයි. නැතිනම් මහා විනාසයක්....:DDD
    ස්තූතියි මල්ලි...:D

    ReplyDelete
  10. @ මාතලන්
    මටත් ඔයා කීවට පස්සේ තමා ඒක දැනුනේ. හදිසියේ හිතුනම ලියන ඒවානේ. ඒවෙලේම ටයිප් කරලා දානවා. ඒකයි...
    ස්තූතියි....:DD

    ReplyDelete
  11. @ Gimhani
    සිත පුරා දඟ කරන මුදු වදන් පවසනා...
    නෙතපුරා සුව දැනෙන සිනා මට ගෙනා...
    කුමරියක ලද දිනක තුන්සිතම සැනසෙනා...
    ලැබුනොතින් රකිමි ඇ ප්‍රණයට සම වෙනා...

    ReplyDelete
  12. @ නිශ්
    ස්තූතියි. කෙනෙක් ඉන්නම ඕනිද සිතින් මවාගෙන කවි කියන්න බැරිද..:DD
    ස්තූතියි නිශ්..:D

    ReplyDelete
  13. @ Nushi
    ස්තූතියි නුසී....:DDD

    ReplyDelete
  14. ම්ම්..ලස්සනයි..කවි බ්ලොග් එකක් ආසාවෙන් බැලුවා...

    ReplyDelete
  15. ආදරණීය ලස්සන කවියක්,:)

    ReplyDelete
  16. ඔන්න මමත් පළමු වතාවට තමයි මේ පැත්තට ආවේ..

    කිවි සිතුවිලි රසවත්. මොනව වුණත් කවි ලියන බ්ලොග් තමයි මට වැඩිපුරම අහුවෙන්නෙ. දැන් ඉතින් නිදහසේ එන්න පුළුවන්.

    ReplyDelete