අව්වට දැවෙමින්....
වැස්සට තෙමෙමින්.....
සිසිල් සුළඟේ පහසින් සැනසෙමින්...
යන දිවි ගමනේ.....
සුරතල් වදන් ඇසූ හඬින්ම...
දිනක රළු වදන් ඇසුනද...
ආදරෙයි කියු මුවෙන්ම....
දිනෙක එපා යැයි කී අය ඇති ලොකයේ...
ඒ කිසවකුත් නොදැකමදෝ...
නැතිනම් සියල්ල වටහාගෙනදෝ...
සැමදාම ගෙදරට ගොඩවන විට...
සුපුරුදු ලෙසින්ම....
වල්ගය වනමින්...
ඇඟට පනිමින්.....
දෙපා ලෙව කමින්
සැමදා සුපුරුදු ආදරය දැක්වූ...
ආදරණිය ලැසී කෙල්ලේ...
මිනිසුන් ළඟ නැති ආදරයක්...
අපට ලබාදෙමින්.....
කෙටි කලකින්ම අපහැර ගියත්...
අපට ඔබ සැමදා අමතක නොවේ...
සමහර වෙලාවල් වලදි නෑ හිතවතුන්ට වඩා මේ තිරිසන් සත්තු හොඳයි කියලා හිතෙනවා නේද?
ReplyDelete:(:(:(.. මටත් ඔහොමම හිතුනා කීපසැරයක් මගේ හුරත්ලුන් එකා දෙන්නා මට නොපෙනී යන්නම ගියාම..
ReplyDeleteප්‍රියන්තට ආයෙම කවි සිත් පහල වෙලා තියෙන්නේ. ලස්සන කවි ටික. මටත් ඉන්නවා පොඩි බව්වෙක්. එයාලා මිනිස්සුන්ට වඩා කොච්චර හොඳද කියන එක නම් කියලත් වැඩක් නෑ.
ReplyDeleteඅනේ අහින්සක ලැසී. මටත් හරියට දුක හිතුනා.
ReplyDeleteගතියේ හැටි වුනත් නෑරෙන බව දිටියේ
ReplyDeleteදුටුවේ කෙළෙහිගුණ නම් නැත අඩු වැඩියේ
හිටියේ බොහෝ කල් එනමුත් ,හිටි හැටියේ
ලැසියේ දිවිය ඔහොමයි නිතරම කෙටියේ
@ හරී
ReplyDeleteඒකනේ කියන්නේ සතුන් ළඟ ඇති හොඳ ගතිගුණ සමහර මිනිසුන් ළඟත් නෑ කියල. ස්තූතියි හරී
@ ප්‍රාර්ථනා
ReplyDeleteසුරතලෙක් ඇති කරන එකත් එපා වෙනව ඒඅය ලෙඩ වෙලා අකාලයේ මිය යන් කෙට. මෙයා මාස 5 1/2 හිටියේ.
ස්තූතියි ප්‍රාර්ථනා ප්‍රතිචාරයට.
@ Podi Kumarihami
ReplyDeleteමේ පැත්තටත් ආපු එක ගැන ගොඩක් සතුටුයි. මේකනම් නිකමට මේ සුරතලා ගැන මතක් වෙලා ලියපු එකක්. මම මේකට ප්‍රතිචාරයක් බලන් නෙවේ ලිව්වෙත්. බලමු ඉස්සරහට ආයෙම කවියක් දෙකක් ලියන්න ඉන්නේ.
ඔයාටත් ස්තූතියි ප්‍රතිචාරයට.
@ neetha
ReplyDeleteමමත් දුකට ලියපු පද පේළියක්. පසුගිය කාලේ මගේ තනියට හිටි මගේ යාළුවා තමා ලැසී.
ස්තූතියි නීතා ප්‍රතිචාරයට.
@ විහඟ ගීතය
ReplyDeleteසතෙකුගේ තියෙන හොඳ ගති දැන ගන්න..
ඔබෙ හදවතේ ඇති ඉඩ කඩ මට පේනුන..
කවියක් ලියා ඔබෙ සිතිවිලි පවසන්න..
ආ ගිය නිසා මාගේ තුති මල් මෙන්න...
හරි පුදුමයි/ මම එක ලැසී කෙනෙක් ගැන මගේ බ්ලොග් එකේ ලිවුවා විතරයි ! වෙලා තියෙනකොට ඇවිත් බලන්න http://lankapriyagesithivili.blogspot.com/2011/06/blog-post_20.html
ReplyDelete