
ගුණදාස කපුගේ ශූරීන් අගොස්තු 7 වෙනිදා සිය 65 වන ජන්ම දිනය සමරනු ලැබුවා. එහෙත් එදිනට ඔහු ජීවත්ව සිටියේ නැති බව අප කවුරුත් දන්න දෙයක්. ඔහු නික්ම ගිහින් දැන් අවරුදු 7ක් විතර. කපුගේ යනු ඔහු ජීවත්ව සිටියදී වගේම අදටත් ඔහු තමා මගේ ප්‍රියතම ගායකයා. කපුගේ ගායනාකළ ගීත අදටත් එක වගේ ජනප්‍රියයි. ඒ අතරින් මගේ අංක එකේ කැමැත්ත උන්මාද සිතුවමට. මෙය මගේ ජීවිතයේ ඇසූ හොඳම ගීතය. ඒ වගේම මේ ලංකාවේ එතෙක් මෙතෙක් ගැයුනු විශිෂ්ඨම ගීතයක් ලෙස දක්වන්න පුවවන්. 1980 මාර්තු මාසයේ තිරගතවුන හර්බට් රංජිත් පීරිස් ගේ එක් ටැම් ගේ චිතුපටයට ගායනා කළ මේ ගීතය දැන් දශක 3ක් පැරණි එකක්. රංගනයෙන් මාලනී ෆෝන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය සමග ජෝ අබේවික්‍රම දායක වෙනවා. මේ ගීතයේ පසුබිම් දර්ශනය වගේම ගීතයත් මගේ හදවතට හොඳින් දැනෙන එකක්. මෙහි මුල් ගායනය සඳහා සංගීතය ලබා දීමේදී සරත් දසනායකයන් බොක්ස් ගිටාර් 6 ක් යොදාගෙන ඇති බව සඳහන්. අහල බලන්න මට වගේම ඔබටත් මෙය හදවතට දැනෙනවද කියා. පසුගිය කාලය පුරාම කපුගේ සූරාකෑමට ලක්ව ඇති නිසාත්. මේ ගී තැටි අලෙවියෙන් ඔහුගේ පවුලේ අයට වන යහපතක් නැත් නිසාත් මේ පදවැල සමග ගීතයත් දෙන්න හිතුවා.
පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, සංගීතය සරත් දසනායකයන්. මේ කපුගේ ගේ උන්මාද සිතුවම.
උන්මාද සිතුවම් මැවේ බිඳේ.
මීදුම් වලා මැද අතීතයේ.
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්.
තනිවේවි එක් ටැම්ගේ...
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක් ටැම් ගේ...
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මගේ සුවඳ පොද
තනිවේවි එක් ටැම් ගේ..