කීවාලු ලේන පුතුට.....
අනේ මගෙ පුතේ ඔය මිනිස්සු ලඟට යන්න එපා...
ගිය පාර අපේ කූඩුව කැඩුවෙත්.....
හිටපු ගස් කැපුවෙත්...
ඔය රකුසන් ම තමා මයෙ පුතේ...
අනේ අසරණ ලේන පැටියා...
බයේ දුවනා විටදි මිනිහට...
පයක් ලිස්සා ගහෙන් වැටුනා...
නැගිට ගන්නට බැරුව උන්නා..
කෙහෙද යන බළලෙකුත් ආවා...
කපුටෙකුත් තම ගොදුර දුටුවා..
ලේන පැටියගේ හදේ ගැස්මට..
ලේන අම්මට පණත් නැතුවා..
නපුරු කියනා මිනිස් රැලකින්
ළමය කියනා කෙනෙක් ඇවිදින්..
බළල් කපුටන් පලවා හරිමින්...
වතුර පොවලා සිහිය ගත්තෙන්..
නැවත ගසටම යන්න ලැබුනා...
යක්ෂයාත් දෙවියනුත් ජීවත් වන්නේ එකම මනුෂ්‍යයාගේ
සිත ඇතුලෙයි. දෙවියන්ගේ නාමයෙන් ඒ යක්ෂයාට නම්
එළියට එන්න දෙන් එපා....
ලේන පැටවුන් දෙස මම බලාසිටිමි..
මනු සතා....තමා විසකුරුම සතා....:(
ReplyDeleteනොපනත් කම් වලට පනදෙන නරුම රැළ
ReplyDeleteගුණවත් කම් කොහේද කිසිදා නොදුටු කළ
පිරිහෙත් දිනෙන් දින පිළිවෙත් කිළිටි තුල
ලේනත් පුතනුත් අවදානමේනි, බල!
@Shadow/හේමලයා
ReplyDeleteඇත්ත හොඳ වගේම නරකත් එකවගේ එකතු වෙලා හැදුන අරුම පුදුම නිර්මාණයක් තමා මිනිසා.
@විහඟ ගීතය
වැඩ ගොඩක පැටලිලා හිටියේ ඒ නිසයි කවි, පොස්ට් ලියන්න බැරි උනේ. ස්තුතියි තවියට
ඔය පොඩි එකා කල දේ මම පුංචි කාලේ කලා. ලේන පැටිය දිවුවේ මගේ අතත් හපලා !! මාත් මනුස්සයෙක් නිසා වෙන්න ඇති !
ReplyDelete