Thursday, August 12, 2010

පිදුම


මා මෙලොවට බිහිකල ඔබේ ලේ කිරි කර පොවා යහ මග පෙන්වූ මෑණියනි, මගේ සියලු ඕනෑ එපාකම් කිසිදු අඩුවකින් තොරව ලබ දුන් නිතරම මා පසුපස එමින් මා දිරිමත් කරමින් යා යුතු මග පෙන්වූ පියාණෙනි මගේ පළමු තුති මල් මිට ඔබ දෙපළටයි.....
යායුතු මග සොයමින් යන විට නිසි මග පෙන්වූ, සිප් සතර උගන්වා මා සමාජයේ මේ තලයට ගෙන එන්න දායක වූ මාගේ ආදර ගුරු මෑණිවරුනි පියවරුනි මේ ඔබේ උත්තම සේවයට පිදෙන මල් මිටයි.....
සැමදා මා පසු පස එමින් මා දිරිමත් කරන මාගේ සොයුර මාගේ සොයුරිය ඔබ දෙදෙනාටයි මේ තුති මල් මිට....
මාගේ බ්ලොග් සගයිනි, කතන්දර කවි ආදියෙන් මාගේ සිත පුබුදු කළ කවි කතන්දර ලියන මිතුරු මිතුරියනි මාගේ ශක්තිය ඔබයි. මේ ඔබේ මල් මිටයි....
මාගේ කලණ මිතුරු මිතුරියනි, මාගේ ජීවිතයේ කවදා හෝ කොතැනදී හෝ මගේ දිවියට තුමන අයුරකින් හෝ සහය දුන් දුටු නොදුටු මිනිසුනි ඒ ඔබ දුන් සහයටයි මේ මල් මිට....
මියුරු කල්පනාවට ගොඩවන සැමටයි මේ මල් මිට...
එසේනම් මෙන්න මාගේන් මියුරු කල්පනා....

2 comments:

  1. අළුත් වැඩේට සුබ පැතුම්.....කවි සිතුවිලි හිතේ ඉවුරු කඩාගෙන දෙගොඩතලා යේවායි පතමි......:)

    ReplyDelete
  2. @Shadow/හේමලයා
    ආවට ස්තුතියි හේමලයෝ. අද තමයි මේ කොමෙන්ට් ඔක්‍කොම බලන්න ගත්තේ

    ReplyDelete