සිංහල බ්ලොග් අවකාශය මෝරනවා
කවියෙන් කතාවෙන් එහි රස ඉතිරෙනවා
මාගේ මතකයේ ඉඩ කඩ මදි වෙනවා
මියුරු කල්පනා අද දින උපදිනවා
සිතිවිලි හිතේ තෙරපෙන එලියට එන්න
බැහැ තවත් සිර කරගෙන ඉවසන්න
සිතිවිද වදන් කර මෙහි පෙල ගස්වන්න
ඔබෙ හදවතෙන් මදකුදු මට ඉඩ දෙන්න
මේ අඩවයේ ලියවෙන රස පද පේලී
තිබුනා කලක මගේ සිත පතුලෙ ගිලී
යන්නට නොදී මතකෙන් සමුගෙන වේලී
ගලපා ලියමි කවියෙන් එම එස පේලී
දවසින් දවස අපෙ දිවි මග කෙටි වෙනවා
දවසක සැවොම හැරදා යන්නට වෙනවා
බ්ලොග් ලියවිල්ල දවසක මට ඇති වෙනවා
එදිනට මේව කියවා මම සැනසෙනවා
කවියෙන් කතාවෙන් සිත සනසා ගන්න
පින් ඇති සැවොම මේ අඩවිය වෙත එන්න
සිත් සේ ලියා ඇති පද වැල් කියවන්න
ගුණ දොස් කියා වදනක් දාලම යන්න
මියුරූ කල්පනාවන් හිතකට නැගෙන
ReplyDeleteඅමයුරු වී අපේ හදවත් තුල රැදෙන
සොඳුරූ සිතැත්තන්හට එක්වී හිඳින
අතිරූ මල් යහනකිය කවි රස විඳින
@විහඟ ගීතය
ReplyDeleteපළවෙනි කොමෙන්ටුව ඔබගෙනි මා මිතුරේ
ගොනැත මගේ රන් කාලය ගං වතුරේ
බ්ලොග් ලියමන්ත් යාමක් විටෙකදි අතුරේ
මගෙ සිත තුලත් මහ සතුටක් දැන් ඉතිරේ
හිත පතුලේ උපදින සියලුම කවි සිතුවිලි...පද බවට හරවන්නට අවැසි සවිය හා දිරිය ලැබේවා....
ReplyDeleteඔන්න ඉතින් මාත් ඈවිත් ගියා
ReplyDeleteජය..........
ආරාධනා ලැබුනා
ReplyDeleteඅලුත් ගෙදරට ආවා
කැවුම් තේ රස බැලුවා
සුබ පැතුම් පිදුවා
එහෙනම් ඉතින් දැන් යන්න එන්න පාර දන්නව නේ ....ගිහින් එන්නම් කෝ..
හේමලයා ඇවිදින් ගිය බව දුටුවා
ReplyDeleteහෙමලයෙකු මෙන් සමදා එයි සිතුනා
සුබ පැතුමත් සතුටින් කියවා බැලුවා
හේමලයටත් මගේ ප්රනාම දැන් පිදුවා
නිශ් ගේ පැතුම දැන් කියවා බැලුවා
ReplyDeleteනිශ්ගෙත් සියලු පැතුමන් අද ඉටු වේවා
සොඳුරු ආරාධනයට
ReplyDeleteපැමිණ මියුරු කල්පනාවට
දෙඩුව සොඳුරු වදනට
මගේ ප්රණාම සොඳුරු සිතකට
නැවත මා මෙහි ලියන
දිනයක වදන් අමුන
සොඳුරු සිතිවිලි රැගෙන
වත්සලාවෙනි නැවත එන්න
කලිනුත් ආවා,, පිරිවරටත් එක් උනා,, කවියක් නැතත් මෙන්න මගේ සුභ පැතුම්,, ජය වේවා!!!!!!
ReplyDeleteහරි ඇවිත් ගිහින් වගෙයි
ReplyDeleteපිරිවර හා එකතු උනෙයි
මොඩරේශන් දාල නිසයි
පරක්කුවට තරහ නොවෙයි
බ්ලොග් අතර යන අසහන කාරයන් කීපදෙනෙක් නිසා කොමෙන්ට් මොඩඒෂන් දාන්න වෙලා තියනවා. අමනාප නොවන්න.
ඉරි තැලී කේඩෑරී වී ගිය බ්ලොග් ලන්තෙට.....
ReplyDeleteසුනිල දිය පොදක් වේවා මේ බ්ලොගය.....
අද එළිසමය ඇතිව කවි ලියන්නට පෙලබෙන්නේ ටික දෙනෙකි . බොහෝ අය [මාද ඇතුළුව ]නිසදැසින් ශේප් වෙති . එවන් කලෙක එළිසමය රැක ලියන ඔබට මගේ පැසසුම්.
ReplyDeleteඔබගේ කවි සියල්ල කියවීමි. හොඳින්ම එළිසමය රැකි ඇත්තේ මෙහිය.[ කිව්වට තරහ නොවෙනු ඇති සිතමි]
කලකින් මා මෙහි ආවේ..
ReplyDeleteඒ ආ නිසයි මේ කවි දුටුවේ...
බින්දිගේ වදන් කියැවේ..
තුති මල් ඔබටත් හිමිවේ...