අව්වට දැවී කරවුනු මගෙ ලොවට
සෙවනක් නොමැත තවමත් මගෙ තනිකමට
දෙන්නට සිසිල සැමදා මගෙ සිතට
වැස්සක් වී වඩින්න ඔබ මගෙ ලොවට
සුළඟක් නැතිව දාහය ගලනා ගතට
කව්රුත් නොමැත චාමර සලන්නට
ජීවන ගමනෙ දාහය මගෙ නිවන්නට
සුළඟක් වී වඩින්න ඔබ මගෙ ලොවට
තුන්යම නින්ද නොලබන මගෙ නෙතට
සැනසුම ගෙනෙන දින නැත තව පෙනෙන්නට
සිසිලස රැගෙන උනුසුම් වූ මගෙ වතට
නිදිදෙව් දුවනි වඩින්න ඔබ මගෙ ලොවට
කරුවල රැයේ තනිවම හිඳිනා මෙමට
එළියක් නොමැත දිවි මග ඇවිදින්ට
සැමදා මගෙ ලොව ගණඳුර දුරලන්ට
සඳ කුමරිය වඩින්න ඔබ මගෙ ලොවට
කරවෙච්චි පොලොවට එලපාරටම වැටුනොත් නම් පොඩ්ඩක් රිදේවි.....:)
ReplyDeleteමේක මංගල දැන්වීමක්ද ප්‍රියන්ත අයියේ,, විහිළු කරේ හොඳේ, ළමයා දියුණු වේගෙන එන පාටයි,, ජයවේවා !!!
ReplyDeleteතනිකම කාට කාටත් දැනෙනා දුකකී
ReplyDeleteඋණුසුම සොයන සිත් යන මඟ බොහෝ දුරකී
වැළපුම අපුලමයි කඳුලත් සීතළකී
සැනසුම නම් සුසුම යාකල පාලමකී
තනිකම දුකයි... අපි කාටත් එහෙමයි... :)
ReplyDelete@Shadow/හේමලයා
ReplyDeleteසමහර විට එකපාරට දරන්න බැරි වේවි. මල් වැස්සකින් පටන් ගත්තොත් හොඳයි වගේ
@හරී
ReplyDeleteමංගල දැන්වීම් දාන්න මේක පත්තරයක්යැ(විහිළුවට විහිළුවක්)
නිදහසේ ඉන්න වෙලාවක වැඩිය බරක් ගන්නේ නැතිව ලියපු එකක්. කීප දෙනෛක්ගේම සිතුම් එකතු කරල තියනවා සමහර විට මගේ සිතට බරවෙලා වැඩි ඇති.
@විහඟ ගීතය
ReplyDeleteතනිකම කියා බය නම් අනුවණ කමකි
උනුසුම සොයා ගොස් වෙන්නේ දුකකි
ඉවසුම තමා කොයි කාටත් යෙහෙකි
ලබා උපන් ලෙස වේනම් යහපතකි