Monday, August 23, 2010

අල්විස් මැතිඳු සමරමු

කවියෙන් රටක් නැළවූ මහ කවිදේ ...
ඔබගේ වදන් තවමත් එක ලෙස රැව්දේ....
සිහි කරනෙමු ඔබේ ගුණ නිබදේ....
ඔබයි මහා කවි සඳ අප සැමගෙ හදේ....

කවියට ඉටුවූ අගනා මෙහෙය...
අපගේ කවි වලට අද මල් මාවතය....
කිමට වචන නම් මට නිම නෑය...
මතු භවයෙදිත් සරසනු මැන කවි යාය....

සතලිස් වසර කට එපිටදි සමු ගත්තේ....
එනමුදු කවි පොතේ ජීවත් වෙනු ඇත්තේ....
කවියන් ඇතත් ඔබ හා සමවනු නැත්තේ....
ඔබටයි පළමු තැන කවදත් දිය යුත්තේ....

කොළඹ යුගයේ විසූ මහා කවියෙකු වූ පී. බී. අල්විස් පෙරේරා මහතා දැයෙන් සමුගෙන පසුගිය 21 (අගොස්තු 21) දිනට වසර 44ක් ගතවිය. තවමත් එදා මෙන්ම ඔහුගේ නිර්මාණ අපේ සාහිත්‍යය පොෂණය කරනු අපි දකිමු. ඔහු තම නිර්මාණ සමග තවමත් අප සමග ජීවත් වන්නේ එහෙයිනි. මා ඔහුගේ රූපයක් අන්තර්ජාලයේ සෙව්වද හමු වූයේ ඉහත මුද්දරයක ඇති රූපය පමණි. ඇත්තෙන්ම මෙවන් ලේඛකයන් ගැන අපගේ දැනුම මඳ බවක් හැ‍‍ඟේ. ඔවුන්ගේ නිර්මාන තවමත් අප සමග ඇති නිසා ඒවා ආරක්‍ෂාකරගෙන ඉදිරියට ගෙන යාම අප සැමගේ වගකීමක්. පී. බී. අල්විස් පෙරේරා මැතිඳුනි ඔබේ කවිත් සමග ඔබ සැමදා අමරණියයි.

මේ ඔහුගේ කවියකි.
පහනක් නිවී ගිය මෙන් තෙල් නොමැති ලෙසින්..
ගිලිහුණු දුලබ ගණයේ වන මලක ලෙසින්...
අඳුරේ ඈත දිවගිය දෙව් එළිය වෙසින්...
කවියා මළත් ඔහු නොමැරේ මතක විසින්...
පී. බී. අල්විස් පෙරේරා

3 comments:

  1. මෙය නම් හොඳ වැඩකි ප්‍රියන්ත අයියේ,,
    අල්විස් මැතිඳුන්ට නිවන්සුව පතමු!!!!

    ReplyDelete
  2. @ හරි
    ස්තුතියි හරි

    ReplyDelete
  3. අගනා කවි ලියා කවි බිම මල් පිබිදූ

    අල්විස් නම් දැරූ සුපතල ඒ කිවිඳු

    සිහිකොට ලියා ඇත ඔබ මේ කව් විරිඳු

    කාලගුණ සැලකීම අපගේ හොඳ පුරුදු.

    ReplyDelete