Wednesday, August 18, 2010

මියුරු කල්පනා

පිදුමක් සමග පටන් ගත් මේ බ්ලොග් එක තාම ළදරුවා. හරියටම කිව්වොත් ඇත්තටම ‍මම මේක පටන් ගත්තේ අගෝස්තු 11 වෙනිදා. හැබැයි පබ්ලිෂ් කලේ නම් දැනටමත් ආපු අය දන්න පරිදිම 12 වෙන්දා තමයි. මේක කරන්න අදහස සිතට ආවේ 10 වෙනිදා. මුලින්ම තිබුන ප්‍රශ්නේ මොකක්ද දාන නම කියන එක. ඔහොම ඉන්න කොට රෑ මට විකටර් රත්නායකයන් ගයන මියුරු කල්පනා ගීතය අහන්න ලැබුනා. ඒ මොහොතෙම මට සිතුනේ මේනම මගේ කල්පනාවට වඩාත්ම හොඳයි කියා. මේ ගීතය දිනුම් කණුව චිත්‍රපටයට වික්ටර් රත්නායකයන් ගායනා කරන ලද්දකි. සංගීතයත් වික්ටර් ගෙන් මයි. පද රචනය අප අතරින් වියොවූ ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් ගෙන්.

මෙන්න ඒ පද පෙලිය

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා
මියුරු කල්පනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
මියුරු කල්පනා...

පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්
මියුරු කල්පනා...

6 comments:

  1. මගේ ප්‍රියතම ගීයක්....

    ReplyDelete
  2. මියුරු කල්පනාවට දිගාසිරි පතන්නම්,, තාම ළදරුවානේ, ලොකු මහත්වී රටට වැඩදායී යහපත් පුරවැසියෙක්ම වේවා!!!!!

    ReplyDelete
  3. මමත් සිරාවටම කැමතිම සිංදුවක්....

    ReplyDelete
  4. ලස්සන සිංදුවක්.
    දිගටම හොඳින් මේ වැඩේ කරගෙන යන්න පතනවා සහෝදරයා.

    ඔබට ගීතයත් බ්ලොගය තුලම ප්ලේ කිරීමට අවශ්‍ය නම් http://www.divshare.com/ ට අප්ලෝඩ් කර embade code එක පෝස්ට් එක සමඟම පල කිරීම හෝ http://blogvampa.blogspot.com/2010/05/gangak-se-oba.html

    කල හැකියි.

    ඔබට ජය !

    ReplyDelete
  5. ඇත්තටම මගේත් ප්‍රියතම සිංදුවක්.ස්තූතියි බෙදා හදාගත්තා‍ට.‍
    දිගටම ලියන්න..ඔන්න අපි හදවතින්ම සුභ පතනවා....

    ReplyDelete
  6. @Shadow/හේමලයා
    අපට තියෙන හොඳ සින්දු අතරින් මේ එකක් ස්තුතියි හේමලමෝ
    @හරී
    මේ දරුවා ඉතා හෙමින් වැඩෙයි. ස්තුතියි හරිටත්
    @පුතා
    හ්ම් ඇත්ත. ස්තුතියි පුතාටත්
    @ හෙළයා
    හෙළයාටත් ගොඩක් ස්තුතියි ඇවිත් කොමෙනුටුවකුත් දාල ගියාට.
    හදගී පොතේ තිස්ස අයියා ඒ වැඩේ කරනවානේ. මම මේක කරන්නේ කවි ලියන්න, හිතෙන දේ ලියන්න.
    @෴ හසියා ෴
    හසියා ටත් බොහොම ස්තුතියි.

    ReplyDelete