Thursday, August 19, 2010

ආදරණීය ඩෙංගු මදුරුවෝ

පුහු අදහස් ඇති මිනිස්සුන්ට මරණය මතක් කළාට..
ගෙවල් වටේ කුණු ගොඩවල් ඇති බව මතක් කළාට....
සති අන්තය වැඩ කරන දවස් බවට පත් කළාට...
ලෙඩ රෝග කාටත් එකයි කියා පෙන්නුවාට...

මැති ඇමති වරුන්ටත් වැඩ කරන්න දුන්නට...
රෝහල් වල තත්වය රටටම පෙන්නුවාට..
වැඩක් නැතිව සිටි නිළධාරීන්ට වැඩ දුන්නට...
දේශපාලනයත් හොල්ලලා පෙන්නුවාට..

මෙකී නොකී සෑම දෙම කළ නුඹට...
දස දහස් වාරයක් ස්තූතියි ආදරණීය ඩෙංගු මදුරුවෝ...
මේ කළ හපන්කම් වලට...

3 comments:

  1. උඹලට කියා වැඩක් නැතී
    වුනදේ සැනෙන් අමතක වෙතී
    අපි වෙනුවෙන් නුඹලා පිල් බෙදාගති
    අපේ ආරක්ෂාව තව තර වෙති.....

    මෙවන් රටක් වෙන කොයි තියෙන්නේ
    එහි නුඹලගේ කට පමණයි ඇත්තේ
    වැඩ නැත මා කිසිදින දැක්කේ
    ඒකනේ අපි මේ සතුටින් ඉන්නේ.......

    මම
    නුඹලා නිසා තවමත් හොදින් ඉන්න
    ඩෙංගු මදුරුවා

    ReplyDelete
  2. ඇත්ත නෙවෙන්නම්........

    ReplyDelete
  3. @෴ හසියා ෴
    ස්තුතියි ඩෙංගු මදුරුවාගේ පණිඩිඩයට.
    @ Shadow/හේමලයා
    ඒකනෙ කියන්නේ.

    ReplyDelete