Friday, August 20, 2010

වන අරණක.....

ගහ කොළ පිරුණු වනයක ඇති පහස..
සීතල දියෙන් පිරි කඳුලක් නිවනා පවස..
නිතරම දුටිමි මා නම් මගෙ පෙර දවස..
සිහිනෙන් දකිමි ඒ අසිරිය සැම සවස...

සම්බුදු හිමිගේ සදහම් නිති රකින....
මහ සඝ ගණ සුවසේ වසන....
නිති බවුන් වඩමින් වසන...
වනයක තිබුනි මේ සදහම් අරන....

බුදු සමිඳුගේ අන්න්ත ගුණ සිහි කරලා...
පිරිසිදු සිතින් දන් ගිලන් පස සදලා...
මහ සඟ වෙතට පිදුමට පින් සිහි කරලා..
අප සැම ගියෙමු සියල්ල ගෙන කදලා...

යහපත් වදන් ඔවදන් පමණයි ඇසුවේ..
සිලු සුවඳයි ඉන් දස අත හැමුවේ...
නිහඬ බවකි ඉන්පසු දැනුනේ...
පිරිසුදු සුලං පමණයි දස අත හැමුවේ...

මෙවන් තැනක් දුටු අයෙක් සිටීනම් කියලම යන්න..


1 comment:

  1. මෙන්න මම කියනවා මම දුටු තැන ගැන http://lankapriyagesithivili.blogspot.com/2011/02/blog-post_3455.html

    ReplyDelete