Sunday, August 22, 2010

විස්ටාගෙන් ලිනක්ස්ට


සැමදා මයික්‍රොසොෆට් ගැටෙනා සිතට
සිතුනා ලිනක්ස් දාගෙන හැඩ බලන්නට...
කැමැත්තනම් තිබුවෙම නෑ උබුන්ටුට...
කවදත් වගේ මම කැමතිම රෙඩ් හැට්ට...

දෙසිය පණහෙ දෘඩ තැටියකි මෙහි ඇත්තේ...
සියයට අසූවක් විතරම පිරිලයි ඇත්තේ....
ෆෝමැට් කරොත් කිසිවක් සුරැකෙනු නැත්තේ...
අළුතින් එකක් දා ගැනුමයි කළ යුත්තේ...

දාගෙන ෆෙඩෝරා මගෙ පරිගනකයට...
දුන්නා මහ සටනක් කොන්ෆිග් කරන්නට....
පහසු වුනේ නම් නෑ මට ගැලවෙන්ට...
කෙලෙසක පරදිම්ද මේ කොම්පූ ටරයකට...

සිංහල යුනිකෝඩ නැතුවම බැරුවාය...
ගිනි හිවලා වැඩකට නම් නැතුවාය...
ගූගල් ක්‍රෝම් මාහ හරි අගනේය...
yum ඉන්ස්ටෝලයෙන් මම ගොඩ යන්නේය...

තව තව කරන්නට දේ එමටම ඇත්තේය..
දවසට කරන්නට වැඩ නිම නැත්තේය...
ගූගල් දෙවිඳු පිහිටෙන් මම රැකුනේය...
ජාලය නැතුව ගිය දින වැඩ නැත්තේය..


5 comments:

  1. නියම කවියක්.
    FOSS ලෝකෙට ආයුබෝවන්...
    නිදහස විදින්න.
    "ජාලය නැතිව ගිය දින වැඩ නැත්තේය" වෙන්නේ ඔයා ලිනක්ස් මතදී කරන දේවල් අවබෝදයෙන් යුතුව නොකෙරුවොත්. ඔයාගේ ෆෙඩෝරා නිකුතුවට (version) අදාළ user manual 1ක් බාගතකරගෙන තියාගත්තොත් වරදක් වෙන්නේ නෑ.

    ආයේ මයික්‍රොසොෆ්ට් නොදාගෙනම හිටියොත් තමා නියම.

    ජය වේවා...

    ReplyDelete
  2. කොම්පියුටරය දවසක මෙසේ කියාවී

    " හැමදාමත් පාන්දරින්
    හති දාගෙන වැඩට ඇවිත්
    මගේ ළඟින් වාඩි වෙලා
    දවස පුරා වැඩ කරපන්

    ඒක හොඳයි නෑ හොඳ නෑ
    ලොක්කන්ගේ අණ මට නෑ

    වෙලාවකට නොකා නොබී
    මාත් එක්ක හරඹ කරන
    නුඹ දැක්කම දුක හිතෙනව
    මේ ඇත්තයි කියන්නෙ මම

    මට පාඩුවෙ ඉන්න දීල
    උඹේ වැඩක් බලා ගනින් ",,,,,, :D

    ReplyDelete
  3. @ රනා
    මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා. මයික්ක්‍රොසොෆ්ට් අතාරින්න බෑ. මොකද මම ටෙක්නීෂියන් නේ දෙකම ඕන ටෙස්ටින් වලට.FOSS වලට ආවෙත් අවු 10කට විතර කලින්. ඒ දවස් වල රෙඩ්හැට් දැම්මේ මේ සෑහෙන කාලෙකින් ආයෙ ෆෙඩෝරා වලට ආවේ. ස්තුතියි කොමෙන්ටුවට.

    ReplyDelete
  4. @ හරි
    නිසි ලෙස සලකනවානම්
    වෙලාවට සර්විස් ලැබෙනවනම්
    හදල තියෙන්නේ වැඩටම නම්
    ඔන්න එහේ වැඩ කරපන්
    මගේ ආදර කොම්පියුටරේ..

    ReplyDelete
  5. හේහේහේ....මමත් කාලයක් ලිනක්ස් දාගෙන හිටියා....මින්ට් ලිනක්ස්-8 (හෙලේනා) ග්රැෆික් අතින් උපරිමයි...පස්සේ පස්සේ ආයෙත් බිල් අයියට කඩේ යන්න හිතුනා‍‍....

    ReplyDelete