Thursday, August 12, 2010

ඇරඹුම


සිංහල බ්ලොග් අවකාශය මෝරනවා
කවියෙන් කතාවෙන් එහි රස ඉතිරෙනවා
මාගේ මතකයේ ඉඩ කඩ මදි වෙනවා
මියුරු කල්පනා අද දින උපදිනවා

සිතිවිලි හිතේ තෙරපෙන එලියට එන්න
බැහැ තවත් සිර කරගෙන ඉවසන්න
සිතිවිද වදන් කර මෙහි පෙල ගස්වන්න
ඔබෙ හදවතෙන් මදකුදු මට ඉඩ දෙන්න

මේ අඩවයේ ලියවෙන රස පද පේලී
තිබුනා කලක මගේ සිත පතුලෙ ගිලී
යන්නට නොදී මතකෙන් සමුගෙන වේලී
ගලපා ලියමි කවියෙන් එම එස පේලී

දවසින් දවස අපෙ දිවි මග කෙටි වෙනවා
දවසක ‍සැවොම හැරදා යන්නට වෙනවා
බ්ලොග් ලියවිල්ල දවසක මට ඇති වෙනවා
එදිනට මේව කියවා මම සැනසෙනවා

කවියෙන් කතාවෙන් සිත සනසා ගන්න
පින් ඇති සැවොම මේ අඩවිය වෙත එන්න
සිත් සේ ලියා ඇති පද වැල් කියවන්න
ගුණ දොස් කියා වදනක් දාලම යන්න


13 comments:

  1. මියුරූ කල්පනාවන් හිතකට නැගෙන
    අමයුරු වී අපේ හදවත් තුල ‍රැදෙන
    සොඳුරූ සිතැත්තන්හට එක්වී හිඳින
    අතිරූ මල් යහනකිය කවි රස විඳින

    ReplyDelete
  2. @විහඟ ගීතය
    පළවෙනි කොමෙන්ටුව ඔබගෙනි මා මිතුරේ
    ගොනැත මගේ රන් කාලය ගං වතුරේ
    බ්ලොග් ලියමන්ත් යාමක් විටෙකදි අතුරේ
    මගෙ සිත තුලත් මහ සතුටක් දැන් ඉතිරේ

    ReplyDelete
  3. හිත පතුලේ උපදින සියලුම කවි සිතුවිලි...පද බවට හරවන්නට අවැසි සවිය හා දිරිය ලැබේවා....

    ReplyDelete
  4. ඔන්න ඉතින් මාත් ඈවිත් ගියා

    ජය..........

    ReplyDelete
  5. ආරාධනා ලැබුනා
    අලුත් ගෙදරට ආවා
    කැවුම් තේ රස බැලුවා
    සුබ පැතුම් පිදුවා

    එහෙනම් ඉතින් දැන් යන්න එන්න පාර දන්නව නේ ....ගිහින් එන්නම් කෝ..

    ReplyDelete
  6. හේමලයා ඇවිදින් ගිය බව දුටුවා
    හෙමලයෙකු මෙන් සමදා එයි සිතුනා
    සුබ පැතුමත් සතුටින් කියවා බැලුවා
    හේමලයටත් මගේ ප්‍රනාම දැන් පිදුවා

    ReplyDelete
  7. නිශ් ගේ පැතුම දැන් කියවා බැලුවා
    නිශ්ගෙත් සියලු පැතුමන් අද ඉටු වේවා

    ReplyDelete
  8. සොඳුරු ආරාධනයට
    පැමිණ මියුරු කල්පනාවට
    දෙඩුව සොඳුරු වදනට
    මගේ ප්‍රණාම සොඳුරු සිතකට

    නැවත මා මෙහි ලියන
    දිනයක වදන් අමුන
    සොඳුරු සිතිවිලි රැගෙන
    වත්සලාවෙනි නැවත එන්න

    ReplyDelete
  9. කලිනුත් ආවා,, පිරිවරටත් එක් උනා,, කවියක් නැතත් මෙන්න මගේ සුභ පැතුම්,, ජය වේවා!!!!!!

    ReplyDelete
  10. හරි ඇවිත් ගිහින් වගෙයි
    පිරිවර හා එකතු උනෙයි
    මොඩරේශන් දාල නිසයි
    පරක්කුවට තරහ නොවෙයි

    බ්ලොග් අතර යන අසහන කාරයන් කීපදෙනෙක් නිසා කොමෙන්ට් මොඩඒෂන් දාන්න වෙලා තියනවා. අමනාප නොවන්න.

    ReplyDelete
  11. ඉරි තැලී කේඩෑරී වී ගිය බ්ලොග් ලන්තෙට.....
    සුනිල දිය පොදක් වේවා මේ බ්ලොගය.....

    ReplyDelete
  12. අද එළිසමය ඇතිව කවි ලියන්නට පෙලබෙන්නේ ටික දෙනෙකි . බොහෝ අය [මාද ඇතුළුව ]නිසදැසින් ශේප් වෙති . එවන් කලෙක එළිසමය රැක ලියන ඔබට මගේ පැසසුම්.

    ඔබගේ කවි සියල්ල කියවීමි. හොඳින්ම එළිසමය රැකි ඇත්තේ මෙහිය.[ කිව්වට තරහ නොවෙනු ඇති සිතමි]

    ReplyDelete
  13. කලකින් මා මෙහි ආවේ..
    ඒ ආ නිසයි මේ කවි දුටුවේ...
    බින්දිගේ වදන් කියැවේ..
    තුති මල් ඔබටත් හිමිවේ...

    ReplyDelete