Wednesday, August 25, 2010

උන්මාද සිතුවම්...

ගුණදාස කපුගේ ශූරීන් අගොස්තු 7 වෙනිදා සිය 65 වන ජන්ම දිනය සමරනු ලැබුවා. එහෙත් එදිනට ඔහු ජීවත්ව සිටියේ නැති බව අප කවුරුත් දන්න දෙයක්. ඔහු නික්ම ගිහින් දැන් අවරුදු 7ක් විතර. කපුගේ යනු ඔහු ජීවත්ව සිටියදී වගේම අදටත් ඔහු තමා මගේ ප්‍රියතම ගායකයා. කපුගේ ගායනාකළ ගීත අදටත් එක වගේ ජනප්‍රියයි. ඒ අතරින් මගේ අංක එකේ කැමැත්ත උන්මාද සිතුවමට. මෙය මගේ ජීවිතයේ ඇසූ හොඳම ගීතය. ඒ වගේම මේ ලංකාවේ එතෙක් මෙතෙක් ගැයුනු ‍විශිෂ්ඨම ගීතයක් ලෙස දක්වන්න පුවවන්. 1980 මාර්තු මාසයේ තිරගතවුන හර්බට් රංජිත් පීරිස් ගේ එක් ටැම් ගේ චිතුපටයට ගායනා කළ මේ ගීතය දැන් දශක 3ක් පැරණි එකක්. රංගනයෙන් මාලනී ෆෝන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය සමග ජෝ අබේවික්‍රම දායක වෙනවා. මේ ගීතයේ පසුබිම් දර්ශනය වගේම ගීතයත් මගේ හදවතට හොඳින් දැනෙන එකක්. මෙහි මුල් ගායනය සඳහා සංගීතය ලබා දීමේදී සරත් දසනායකයන් බොක්ස් ගිටාර් 6 ක් යොදාගෙන ඇති බව සඳහන්. අහල බලන්න මට වගේම ඔබටත් මෙය හදවතට දැනෙනවද කියා. පසුගිය කාලය පුරාම කපුගේ සූරාකෑමට ලක්ව ඇති නිසාත්. මේ ගී තැටි අලෙවියෙන් ඔහුගේ පවුලේ අයට වන යහපතක් නැත් නිසාත් මේ පදවැල සමග ගීතයත් දෙන්න හිතුවා.
පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, සංගීතය සරත් දසනායකයන්. මේ කපුගේ ගේ උන්මාද සිතුවම.

උන්මාද සිතුවම් මැවේ බි‍ඳේ.
මීදුම් වලා මැද අතීතයේ.
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්.
තනිවේවි එක් ටැම්ගේ...

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක් ටැම් ගේ...

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මගේ සුවඳ පොද
තනිවේවි එක් ටැම් ගේ..

10 comments:

  1. කපුගේ කියන්නේ අපේ රටේ හිටිය ගායකයන්ගෙන් ඉහලම පෙලේ කෙනෙක්.
    වැම්පි ගෙ බ්ලොග් එකෙත් කපුගේ ගැන සහ ඔහුට අර සන්ෆ්ලවර් එක්ක සින්දු කිව්වට එල්ල වූ අපහාස ගැන හොඳ ලිප්යක් තිබ්බා.

    එකක් කියල නැහ.. කපුගේ ගෙ ගීත ඔක්කොම වගේ හොඳයි මට.

    මේ වගේ හරි මේ ගායකයො ගැන කතා කරන එක වටිනවා.

    ReplyDelete
  2. විරහ ගී අතර තුන කල්හිම ශ්‍රේෂ්ඨ ගීය මෙය නොවේද?...පද වලටම ගැලපෙන තනුව....හිතේ වේදනාවා තීව්‍ර කරන තාලය......

    ReplyDelete
  3. බුදු අයියේ උඹට උම්ම දුන්නත් මදි.....මේ මගේ ප්‍රිරයතම ඒවයිනුත් ප්‍රියතම සිංදුවක්....ඕක ඇහෙද්ද මට මතක් වෙන්නෙම අර උන්මාද චිත්‍රාව එකටැම්ගෙයි හිරකරලා තිබ්බ එක නොවැ...

    ඔය සිංදුවේ මම කැමතිම පද දෙක තමයි
    "දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කර සැඟව ගියේ...."

    හේතුව ඉතින් හිතාගන්නකෝ.......

    ReplyDelete
  4. සිංහළ ලකුණ හෙළ ගී මඟ එළිය කළ
    කපුගේ ගැයූ ගී හැමදාමත් අමිල
    මීවිත ගී පොතට එක් වී කල අවුල
    නැත්නම් තවත් බොහෝ කල් ඔහුමය කොවුල

    ReplyDelete
  5. @ පිස්සා පලාමල්ල
    ඇත්ත තව ටික කාලෙකින් මේ සිංදු වෙන වෙන අය කියන කොට ඊළඟ පරම්පරාව මේවා ගයන මුල් ගායකයා ගැන දන්නෙවත් නැති වෙයි.

    ReplyDelete
  6. @ Shadow/හේමලයා
    කපුගේ ගේ විරහගීත කීපයක්ම විරහ ගීත අතර ඉහලම තැනක තියනවා නේද?

    ReplyDelete
  7. @ ෴ හසියා ෴
    මම නම් මුව සින්දුවටම එක වගේ ආසයි. මට මේක මගේ අත්දැකීමක් නොවුනත් මගේම වගේ දැනෙනවා.

    ReplyDelete
  8. @ විහඟ ගීතය
    බොහො අය කපුගේ මීවිත නිසා මියයි කීවත් ඇත්තටම ඔහු මැරුණේ අනතුරෙන්ද? නැත්නම් නිසි වෙලාවට නිසි ප්‍රතිකාර වලට යොමු නොකළ නිසාද? කෙසෙ වෙතත් අද ඒ හඬ නිහඩ වෙලා. හිස් තැනක් ඉතුරු වෙලා‍.

    ReplyDelete
  9. දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කර සැඟව ගියේ
    දැනේ තවම මට මගේ සුවඳ පොද
    තනිවේවි එක් ටැම් ගේ..

    ReplyDelete
  10. ස්තුතියි ගීයට. මං නං වැඩියෙන්ම කැමති අයියණ්ඩියේ ගීතයට... ඇයි විදුලි මිණි පහන්... කිව්වොත් ඉවර කරන්න පුළුවන්ද?

    ReplyDelete